30 C
Colombo
Monday, May 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොලිසිය දේශපාලණීකරණය වෙන්න ඉඩ තියන්නේ නෑ

පොලිසිය දේශපාලණීකරණය වෙන්න ඉඩ තියන්නේ නෑ

පොලිස් නිලධාරීන්ට දේශපාලඥයන්ගේ වැඩ කිරීමට කිසිදු අයිතියක් නැති බවත් පොලිසිය කිසිසේතම දේශපාලණීකරණය වීමට ඉඩ නොදෙන බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

අද (11) අපරාධ වාර්තා කොට්ඨාසයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“සමහර දේශපාලඥයන් ස්ථානාධිපතිවරුන් පත් කරන්න කියලා නොයෙකුත් නිර්දේශ කරනවා. ඉන් බොහෝමයක් අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ස්ථානාධිපතිවරයෙක් වශයෙන් තමන්ගේ පොලිස් ස්ථානයේ වැඩකරන නිලධාරීන්ගේ හා තම වසමට අයත් ජනතාවගේ සුභ සාධනය උදෙසා සේවය කළ යුතුයි. තමාගේ රාජකාරිය තුළදී යහපත් චේතනාවෙන් යම් කාර්‍යයක් කිරීමේදී වැරදීමක් සිදුවුවොත් තමා, පොලිස්පතිවරයා, ලේකම්වරයා එම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා.”