30 C
Colombo
Tuesday, May 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවතට

මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවතට

චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇති බවට අද (11) නිවේදනය කළේය.

පසුගියදා මහත් අර්බුදයකට සහ ආන්දෝලනයකට තුඩු දුන් චීන පොහොර නැව සම්බන්ධයෙන් පැන නැගි ණයවර ලිපි පිළිබඳ ගැටලුවක් සම්බන්ධයෙන් චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කරනු ලැබීය.

පොහොර ගනුදෙනුවට අදාළව දෙපාර්ශ්වය අතර ඇතිකරගත් එකඟතා මත මෑතකදී විවෘත කළ ණයවර ලිපියට අදාළව ගෙවීම් කරන ලෙස චීනයේ චින්දාඕ සීවිං බයෝටෙක් සමාගම මහජන බැංකුවෙන් ඉල්ලා ඇති අතර ව්‍යාපාරික නීතිරීති සහ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්තීන්ට අනුව මහජන බැංකුව ක්‍රියා නොකිරීම නිසා මෙම ණයවර ලිපියට අදාළ ගෙවීම් නොකිරීමෙන් චීන සමාගමට බරපතළ පාඩුවක් සිදුව ඇතැයි චීන තානාපති කාර්යාලය පවසයි.

අවසානයේදී චීන පොහොර නැවට සහ සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් ගෙවීමට වාණිජ මහාධිකරණය විසින් ගත් අවසන් තීන්දුවට අනුව ගෙවීම් අවසන් වීමෙන් පසුව මෙලෙස මහජන බැංකුව චීනය විසින් අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇති බවට අද දිනයේ නිවේදනය කළේය.