27.9 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමේ වසරේදී පළාත් සභා මැතිවරණයක්?

මේ වසරේදී පළාත් සභා මැතිවරණයක්?

මෙම වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය පියවර ගන්නා බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පළාත් සභා පනත සංශෝධනය කිරීමෙන් පසුව එම මැතිවරණය පැවැත්විය හැකි බවත් පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දමා ඇත්තේ රට තුළ සෞඛ්‍යමය වශයෙන් යහපත් වාතාවරණයක් නොතිබීම හා පළාත් පාලන ආයතනවල කාලයෙන් වසර දෙකක් ගතවුණේ යහපාලන රජය යටතේ නිසා ඔවුන්ට වැඩකරන්නට කාලයක් නොතිබීම නිසා ඔවුන්ට සාධාරණ කාලයක් ලබාදිය යුතුවීම යන කරුණු මත බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

අමාත්‍යාංශ 10ක විෂය පථයන් සංශෝධනය කිරීම සදහා රජය පියවර ගෙන ඇත්තේ ඒවායෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් බව වැඩිදුරටත් රමේෂ් පතිරණ සඳහන් කළේය.