28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalහම්බන්තොට ලුුණු ලේවායේ උණුසුම් තත්ත්වයක්

හම්බන්තොට ලුුණු ලේවායේ උණුසුම් තත්ත්වයක්

හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහ හම්බන්තොට ලුණු ලේවායේ සේවකයන් පිරිසක් අතර අද (11) උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

හම්බන්තොට ලුණු සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කරන ලෙස ඉල්ලා නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් මීට දින 12කට පෙර සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය.

එම සත්‍යග්‍රහය අතරතුරදී ඊයේ (10) ලුණු ලේවායෙන් ඉවතට පැමිණි මෝටර් රථයකට පහරදීමක් සිදුකර තිබේ. එම නිසා හම්බන්තොට ලුණු ලේවායේ සේවකයින් පිරිසක් සහ සත්‍යග්‍රහයේ නිරත පිරිසක් අතර අද මෙලෙස උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.