28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑපා කියද්දි කරන්ට් කැපුවාට වාර්තාවක් ඉල්ලයි

එපා කියද්දි කරන්ට් කැපුවාට වාර්තාවක් ඉල්ලයි

විදුලිය විසන්ධි නොකරන බවට ජනතාවට පෙර දැනුම් දී තිබියදිත් ඊයේ (11) රාත්‍රියේ හදිසියේ විදුලිය විසන්ධි කිරීම පිළිබදව වාර්තාවක් කැඳවා ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

කැලණිතිස්ස බලාගාරයේ පිහිටි පෞද්ගලික බලාගාරයක කාර්මික දෝශයක් හේතුවෙන් ඊයේ රාත්‍රි දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත්තේය. හදිසි විදුලිය කප්පාදුව පිළිබඳ කුමන්ත්‍රණයක් පවතින බවට සැකයක් පවතින බවටත් අමාත්‍යවරයා සැක පළ කරයි.

අද දිනයේද කලාප වශයෙන් රාත්‍රී කාලයේදී විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවත් කාර්මික දෝෂයකට ලක් වූ කැළණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුවන බවත්
එහි අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා පවසයි.