කොරෝනා වසංගතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස විශාදය (Depression), කාන්සාව (Anxiety) වැනි රෝගී තත්වයන්ට ගොදුරු වු පිරිසගේ විශාල වැඩි වීමක් දක්නට ලැබුන බව ජාතික මානසික සෞඛ්‍ය ආයතනය විශේෂඥ මනෝ වෛද්‍ය සජීවන අමරසිංහ පවසයි.
පසුගිය 2021 වර්ෂයේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ මානසික සෞඛ්‍ය උපකාරක සේවා හදිස්සි ඇමතුම් අංශයට ඇමතුම් 26889 ලැබී ඇති අතර ඒ පිළබඳව කළ විමසීමේදී වෛද්‍යවරයා ඒ බව පැවසීය.
2020 වර්ෂයේද එම උපකාරක අංශයට ඇමතුම් 28508 ලැබී ඇති අතර එදිනෙදා පුරුදු ජීවන රටාව වෙනස්වී මෙම තත්වය දැඩිව බලපා ඇති බවත් ගෘහස්ථ හිංසනයට ලක්වීම නිසා ඇතිවන පීඩනය, සියදිවි නසා ගැනීමට සිත්දෙන මානසික අවපීඩනය දක්නට ලැබුන බව වෛද්‍යවරයා අවධාරණය කරයි.
සංචරණ සීමා කාලයේදී බොහොමයක් පවුල් සාමාජිකයන් නිවසටම සීමා වීම වාසි අවාසි ඇති කළ තත්වයක් බව පෙන්වා දෙන වෛද්‍යවරයා රැකියා අහිමිවීම, ව්‍යාපාර කඩාවැටීම නිවස තුළ වෙනදාට වඩා කාර්යබහුල වීම, නුරුස්සනා ස්වභාවය මෙන්ම අන්තර්ජාලයේ වැඩි වශයෙන් කිසිදු සීමාවක් නැතිව සැරිසැරීම මෙම විශාදයට ප්‍රභල හේතු බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
ක්‍රීඩා කටයුතු, බාහිර ක්‍රියාකාරකම් නොමැතිව නිවෙසටම කොටු වී ජීවත්වීමට සිදුවීම හේතුවෙන් ඇතැම් දරුවන් සහ වැඩිහිටියන් තුළ කලකිරෙන සුලු තත්වයන් මෙන්ම කාන්සාව වැඩිවීමද දක්නව ලැබුන බව ඔහු පැවසීය.