26 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews‘ජය ශ්‍රී’ නඩුවේ නවතම තත්ත්වය මෙන්න

‘ජය ශ්‍රී’ නඩුවේ නවතම තත්ත්වය මෙන්න

‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනකු වන රොහාන් ජයලත් සහ රෝහිත ජයලත්ට එරෙහිව එම කණ්ඩායමේ සාමාජික අරුණ ලියාන් මහතා විසින් ලබා ගත් වාරණ ආඥාව අද (12) යළි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ කැදවනු ලැබීය.

ඒ අනුව අදාළ වාරණ ආඥාව නැවත වතාවක් 2022 ජනවාරි මස 27 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගැණුනි.

පෙත්සම්කාර අරුණ ලියාන් මහතා වෙනුවෙන් තිලිණි හේවාවිතාරණගේ උපදෙස් මත නීතිඥ සදූන් සේනාධිපති සමග ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පෙනි සිටියේය.

රොහාන් ජයලත් සහ රෝහිත ජයලත් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනි සිටිමින් කරුණු ඉදිරිත් කරන ලදි. දෙපාර්ශවයේ වාචික දේශන සදහා නඩුව 2022 ජනවාරි 27 වනදින කැදවීමට මහාධිකරණය විසින් නියම කරන ලදි.

‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ ගීත රචනය, තනු නිර්මාණය, වාදනය සහ ගායනය සිදු කරන ලද අරුණ ලියාන් මහතා විසින් එකී ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙදෙනාවන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් සිදු කරන ලද ගීතවල බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව අරුණ ලියාන් මහතා විසින් රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා සිය නීතිඥවරු මඟින් පසුගිය මැයි 18වනදා එන්තරවාසි යවා තිබුනි.

අනතුරුව ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායම ගායනා කරන ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත වාරණ නියෝගයක් දෙසැම්බර් 17වනදා නිකුත් කෙරුණි.

ඒ අනුව ගායක හා වාදක අරුණ ලියාන් මහතා විසින් ගායනය, වාදනය සංගීතය හා ගීත රචනය සිදු කරන ලද ප්‍රාර්ථනා, සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලේ, මොඩ් ගොවියා, ආදර ලොවේ අපි හමුඋනේ, සියුමැලි, ශ්‍රිලා, සුන්දරියේ ගෝමරියේ, මම මන්කි හනුමන්තා ඇතුළු ගීත 20 ක් ජය ශ්‍රී නමින් සිය තනි නිර්මානයක් වශයෙන් ගායනා කරමින් අන්තර්ජාලයේ, සංගීත ප්‍රසංගවල, දුරකතන රිංගිං ටෝර්න්ස් වශයෙන් භාවිතා කිරීමට අදාළව වාරණ නියෝගය ක්‍රියාත්මක වේ.