28.4 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපකිස්තානයේ බාලවයස්කාර දැරියන් අනතුරේ

පකිස්තානයේ බාලවයස්කාර දැරියන් අනතුරේ

සුළුතර ජනවර්ගයන්ට අයත් බාලවයස්කාර දැරියන් පැහැරගෙන ගොස් ආගම වෙනස් කිරීම පකිස්තානය තුළ බරපතල ගැටලුවක් බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2020 වර්ෂයේදී එවැනි සිදුවීම් 15ක් පමණ වාර්තා වූ අතර 2021 වර්ෂයේදී එම සංඛ්‍යාව 60ක් දක්වා ඉහළ ගොස් ඇත.

පකිස්තානය තුළ වාර්ෂිකව බලහත්කාරයෙන් ආගම වෙනස් කිරීමට ලක්වන ගැහැණු දරැවන් සංඛ්‍යාව දහසක් පමණ වන බව ජියෝ නිවුස් සේවය වාර්තා කරයි.
ඉන් වැඩි සිදුවීම් සංඛ්‍යාවක් නිල වශයෙන් වාර්තා නොවන බවත් එම පිරිසෙන් සියයට හැත්තෑවක් පමණ බාලවයස්කාර දැරියන් බවත් සදහන් වේ.

සීක්, හින්දු, ක්‍රිස්තියානි වැනි සුලුතර කොටස්වලට අයත් දැරියන් මෙහිදී දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ. මෙසේ පැහැරගන්නා දැරියන් විවාහ කරගැනීම බහුතර මුස්ලිම් ප්‍රජාව තුළ පුරුද්දක් තරමට වර්ධනය වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.