27 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා සාකච්ඡාවක් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි අතර පවත්වා තිබේ.

ජපානයේ හෙද සාත්තු සේවා වෘත්තීය සඳහා ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් ඉල්ලුමක් පවතී. ජපානය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද ගිවිසුමට අනුව විශේෂිත නිපුණතා සහිත රැකියා වැඩසටහන සහ තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇත.

එම ඉල්ලුම සැපිරීමට ප්‍රමාණවත් සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසක් මෙම වසර තුළ සූදානම් කරගැනීම පිළිබඳවද එහිදී දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී ඇත.
එමෙන්ම ආහාර, සේවා සහ කර්මාන්තය සම්බන්ධයෙන්ද වැඩි රැකියා අවස්ථා ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය, ෆේස්බුක් හා zඌම් තාක්ෂණය ඔස්සේ මේ පිළිබඳව දැනුවත් කිරීම් සිදුකරන බවද ජපන් දූත පිරිස දැනුවත් කර තිබේ.

ඒ අනුව විශේෂිත කුසලතා සහිත පිරිස්ගේ විභාගය පැවැත්වීම, අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන කටයුතු පිළිබඳව සහ ජපන් භාෂාව ඉගැන්වීමේ ක්‍රියාවලිය සිදුකරන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.