28.4 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුපිරි ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදහන්

සුපිරි ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදහන්

තායිවාන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්ව තිබේ. පුහුණු ගුවන් ගමනක් සඳහා පිටත්ව ගිය ජෙට් යානය ගුවන් ගත පැය භාගයකට පමණ පසු රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ජෙට් යානය සොයාගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරිමට තායිවාන ගුවන් හමුදාව පියවර ගෙන තිබේ. මේ අතර යානයක් මුහුදට කඩා වැටුණු බවට තායිවානයේ දකුණු දිග චියායි ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු ප්‍රකාශ ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත.