30 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහිටපු ලිට්‍රෝ සභාපතිගෙන් තෙෂාරට කණේ පහරක්

හිටපු ලිට්‍රෝ සභාපතිගෙන් තෙෂාරට කණේ පහරක්

දිවයින පුරා පුපුරා යන ගෑස් සම්බන්ධ සිදුවීම්වලට වගකිවයුතු වන්නේ වර්තමාන ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ බව එම සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

ලිට්‍රෝ සභාපතිවරයාගේ නොහැකියාව සහ නොදැනුවත්කම නිරන්තරයෙන්ම ඔහු ප්‍රදර්ශනය කරමින් සිටින බවත් වගකිවයුතු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක ප්‍රධානියකුගේ කාර්යභාරය නිසියාකාරව තේරුම් ගත්තේ නම් වසර 150 ක කීර්තිමත් ඉතිහාසයක් ඇති වර්තමාන ලිට්‍රෝ සමාගම සම්බන්ධයෙන් මෙතරම් අප්‍රසාදයක් සහ අවිශ්වාසයක් ජනතාව තුළ ගොඩනැගෙන ආකාරයෙන් කිසිදිනක කටයුතු සිදු නොවන බවත් හෙතෙම එයින් අවධාරණය කරයි.

විශාල ලාබ ඉපැයූ සමාගමක් ජනතාවගේ විවේචනයට සහ අවිශ්වාස්‍ය ගොඩනැගෙන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් ඔහු ධුරයට පත් වූ දා සිට පසුගිය සය මාසයක් තුළ පාරිභෝගිකයාට හෝ රජයට වාසිදායක මෙන්ම සාධනීය කිසිම දෙයක් ඉටු නොකිරීමෙන් ඔහුගේ ඇති පරිපාලන දුර්වලතාව ද මැනවින් මේ වනවිට ඔප්පු වී ඇති බවද ෆේස්බුක්හි තැබූ සටහන මගින් පෙන්වා දෙයි.

ආණ්ඩු දෙකක් මගින් ප්‍රසම්පාදන කටයුතු සිදු කොට තීරණය කළ ටෙන්ඩරය සිය පාලන කාලය භාරගෙන සතියක් තුළ ක්‍රියාත්මක කළ බවත්, එහි කොන්දේසි වෙනස් කොට හෝ සංශෝධනය කර ඇත්නම්, ඒ ගැන දෙනු ලබන ඕනෑම දඬුවමකට යටත් වීමටද තමා සූදානම් බවත් හිටපු ලිටෝ සමාගමේ සභාපතිවරයා පවසයි.

නිසියාකාරව කරුණු හදාරා අවබෝධ නොකොට, වගකීම් විරහිතව පසුගිය කාලය සම්බන්ධයෙන් සහ පුද්ගලිකව තමා සම්බන්ධයෙන් තෙෂාර ජයසිංහ සභාපතිවරයා එල්ල කරනු ලබන චෝදානා ඉතා වගකිමෙන් බැහැර කරන බව සඳහන් කරන අනිල් කොස්තා හිටපු සභාපතිවරයා පවසන්නේ තමන් සභාපති ධුරයේ සිටි වසර එකහමාරක කාලය පමණක් නොව, ඊට පෙර සිටි පාලනාධිකාරියේද වගකීම තමන් භාර ගන්නා බවයි.

තම නොහැකියාව වසන් කර ගැනීමට වෙනත් පාර්ශ්වයන්ගේ නාම ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීම යුක්තිගරුක පරිපාලකයෙකුගේ ලක්ෂණයක් නොවන බව ද හිටපු සභාපති අනිල් කොස්වත්ත සිය ෆේස්බුක් හි දීර්ඝ සටහනක් තබමින් සඳහන් කරයි.