31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරට බිල්ලට දීලා ණය ගෙවලා හරි යන්නෑ

රට බිල්ලට දීලා ණය ගෙවලා හරි යන්නෑ

ජනවරි 18 වෙනිදාට ආපසු ගෙවන්න තියෙන ණය සදහා පවතින විදේශ සංචිත භාවිතා කලොත් රටට අත් වෙන ඉරණම කුමක්ද යන්න පිලිබදව මේ දිනවල බහුලව කතාබහට ලක්වෙනව.මේ පිලිබදව අපි වැඩි දුර තොරතුරු දැන ගැනීම සදහා අපි වෙරිටේ රිසර්ච් ආයතනයෙ විධායක අධ්‍යක්ෂක ආචාර්ය නිශාන් ඩී මෙල් මහතා සමග විශේෂ සාකච්චාවක් පැවැත්වූවා.

මේ කාරනය කොතරම් දුරට රටට හානිදායකද ?මේ ණය ආපසු නොගෙවා රට බේරා ගන්න පුලුවන් පහසුම විදිහ කුමක්ද යන්න පිලිබදව නිශාන් ඩී මෙල් මහතා වැඩි දුරටත් සදහන් කලා. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ලංකාව බංකොලොත් කියල කියන්න පුලුවන් සංකේත අපිට දැනෙන විදිහට තියෙනව. අපි යැපෙන්නෙ ආනයන අපනයන තුල .අපිට ඕනම දේවල් ගන්න බැරි උනොත් විශේෂයෙන් බෙහෙත් වගේ දේවල් වත් ගන බැරි උනොත් අපි බංකොලොත් කියල අපිට කියන්න පුලුවන් ඒ සාදකය හරහාම. මේ රටේ දවසින් දවස බංකොලොත් වීමේ සංකේත සීග්‍රයෙන් ක්‍රියාත්මක වෙනව.අපිට පේන්න තියෙන බවයි. කෙසේ නමුත් මේ මොහොතේ ණය ආපසු ගෙවීම නවතා විදිමත් සාකච්චාවක් හරහා කාලය දීර්ග කරගනිමින් මීට පිලියම් යෙදිය යුතු බවත්,ණය ගෙවා දමා රට මේ මොහොතේ අත්‍යාවශය භාන්ඩ හා සේව හිගයකට නොයවා තීරණ ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fyoutu.be%2FcsgOweNyJik%3Ffbclid%3DIwAR0OuS6LELt9QDSPJHTfpiKihfYCtoXSrd7Hgv4cRnMAVnR9phuAAX-oXOk&h=AT0ugXOxafUdEODqWmGFwt1fp7nO_H9AIZ712QH90S9hIjm5-UE1WaU-q8-5tvtNcoCzzCQiBW4deYLnNe4r74tUF-wUBMj0u575KGBqzktPrb-80ND-eQk0_261VwpI-qrKdg