30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුපියල් 5000 දීමනාවට අදාළ චක්‍රලේඛය එළියට

රුපියල් 5000 දීමනාවට අදාළ චක්‍රලේඛය එළියට

රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමික පුරවැසියන්ට රුපියල් 5000 දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

මාසික වැටුප් ලබන ස්ථිර/ තාවකාලික සහ කොන්ත්‍රාත් නිලධාරීන්, දෛනික වැටුප් ලබන නිලධාරීන් සහ විශ්‍රාමිකයන්ට මෙම දීමනාව සඳහා හිමිකම් පවතී. වැටුප් රහිත නිවාඩු ලබා සිටින නිලධාරීන්ට මෙම දීමනාව සඳහා හිමිකමක් නොලැබෙන අතර අඩ වැටුප් නිවාඩු ලබා ඇති නිලධාරීන්ට මෙම දීමනාවෙන් අඩක් පමණක් හිමිවෙයි.

දෛනික වැටුප් ලබන පුද්ගලයන් සඳහා සේවයට වාර්තා කළ යුතු සම්පූර්ණ දින ගණනම සේවයට වාර්තා කර ඇත්නම් සම්පූර්ණ දීමනාව ගෙවිය යුතු අතර එසේ සේවයට වාර්තා කර නොමැති නම් සේවයට වාර්තා කළ දින ගණනට අනුපාතිකව දීමනාව ගෙවිය යුතුයි.

කිසියම් අයෙක් විශ්‍රාම වැටුප් කිහිපයක් හෝ විශ්‍රාම වැටුප සමග වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුපක් හෝ ලැබුවද එවැනි අයෙකුට හිමිවන්නේද මාසයකට රුපියල් 5000ක දීමනාවක් පමණයි. පවතින විධි විධාන අනුව නැවත සේවයේ යොදවා ඇති විශ්‍රාමිකයින් සඳහා හිමිවනුයේ විශ්‍රාම වැටුප සමග හිමිවිය යුතු දීමනාව පමණි.