27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් හිඟය තවදුරටත්

ගෑස් හිඟය තවදුරටත්

දැනට පවතින තත්ත්වය හමුවේ වර්තමානයේ පවතින ගෑස් හිඟය නිමාවීමට තවත් දින කිහිපයක් ගතවන බව ගෑස් නිෂ්පාදන සමාගම් පවසයි.

ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය පැවසුවේ ඩොලර් හිඟය නිසා තවදුරටත් ගෑස් ආනයනයට බාධා මතුව ඇති බවයි.

එම සමාගමට අයත් ගෑස් ටොන් 10,000ක් අඩංගු නෞකාවක් පෙරේදා (11) මෙරටට පැමිණ ඇති අතර එම ගෑස් තොගය නියමිත ප්‍රමිතියට අනුකූල බවට තහවුරු වීමත් සමග බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව දින 10කට වරක් එවැනි නෞකා මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවත් ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.