ඇමෙරිකාවේ ජනප්‍රිය පොප් ගායන ශිල්පිනී රොනී ස්පෙක්ටර් (Ronnie Spector) අභාවප්‍රාප්ත වෙයි.
මිය යන විට ඇය 78 වන වියේ පසු න්වූ අතර ඇයගේ පවුලේ අය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය කෙටි කලක් එයින් පීඩාවට පත්ව සිටි බවත් ඉන් පසු මෙලෙස මිය ගිය බවත්ය.
1943 දී මැන්හැටන්හි වෙරෝනිකා යෙව්ට් බෙනට් ලෙස උපත ලැබූ ඇය 1964 දී වයස අවුරුදු 18 දී ඇයගේ වැඩිමහල් සොහොයුරිය සහ තවත් ඥාති සොහොයුරියක් සමඟ ආරම්භ කළ ගායන දිවිය රසික හදවත් රැසක් ආකර්ශනය කළේය.
ඇයගේ ගීතාවලිය තුළ ‘බී මයි බේබි’ ගීතය අතිශය ජනප්‍රිය විය.