බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ තුන්වන දරුවා මෙන්ම දෙවන පුත්‍රයා වන 61 හැවිරිදි ඇන්ඩෲ කුමරුගේ හමුදා සහ රාජකීය තනතුරු ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම තනතුරු නැවතත් මහ රැජිණ වෙත භාර දී ඇත. ඇමරිකානු ධන කුවේරයෙකු මෙන්ම ඉහළ සමාජයේ ලිංගික වහල් සේවයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ලවන ජෙෆ්රි එප්ස්ටීන් සමග සම්බන්ධතා පැවැත්වීම ඇන්ඩෲ කුමරුට මෙලෙස රාජකීය තනතුරු අහිමිවීමට හේතුව වී තිබේ.
එප්ස්ටීන් සිය ලිංගික අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියදී පසුගිය 2019 වසරේදී ජූනි මාසයේදී දිවි හානි කරගත් අතර ජෙෆ්රි එප්ස්ටීන්, ඇන්ඩෲ කුමරුට ලබාදුන් බව කියන එවකට 17 හැවිරිදි තරුණියක් ඇමරිකානු අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කර තිබේ.
සිද්ධියෙන් වසර 21කට පසුව එලෙස එම නඩුව ගොනු කළ වර්ජිනියා ජුෆ්රේ දැන් 38 හැවිරිදි වියේ පසුවන අතර ඇන්ඩෲ කුමරු ඉදිරිපත් කළ මූලික විරෝධතා ඇමරිකානු අධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඔහුට මෙලෙස රාජකීය තනතුරු අහිමි වී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව සිවිල් වැසියෙකු ලෙස ඔහුට එම නඩුවට පෙනී සිටීමට සිදු වෙයි. වසර 22ක් හමුදා සේවයේ නිරතව සිටි ඇන්ඩෲ කුමරු බ්‍රිතාන්‍ය රාජකිය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස ෆෝක්ලන්ඩ් යුද්ධයටද සහභාගි වූ අයෙකි.
ඔහුගේ හමුදා තනතුරු මෙන්ම හිස් රෝයල් හයිනස් නැතිනම් රාජකීය මහෝත්තමයාණන් යන නාමය භාවිත කිරීමද මේ අනුව ඔහුට අහිමි වෙයි.