27.5 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දෙවැනි වන්දිය මේ මස අගදී

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දෙවැනි වන්දිය මේ මස අගදී

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලූ දෙවැනි වන්දි මුදලේ පළමු වාරිකය ඉදිරි සති දෙක ඇතුළත ලැබෙනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

මේ යටතේ ඩොලර් මිලියන 2.15ක වන්දියක් හිමිවන බව එහි සභාපති, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළාය. නෞකාව ගිනි ගැනීමෙන් සමුද්‍රීය පරිසරයට වූ හානිය සඳහා වන්දි ඉල්ලා මේ වනවිට ලේඛන සකස් කර ඇති බවත් නෞකාව ගිනි ගැනීමෙන් මුහුදට පතිත වූ කන්ටේනර් කැබලි හා අනෙකුත් ද්‍රව්‍ය ගොඩ ගැනීම මේ වනවිට 70%කින් පමණ අවසන් කර ඇති බවත් එම මහත්මිය වැඩිදුරත් කීවාය.