31 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරිය අනතුරුවලින් බිළිඳෙකු ඇතුළු 06ක් ජීවිතක්ෂයට

රිය අනතුරුවලින් බිළිඳෙකු ඇතුළු 06ක් ජීවිතක්ෂයට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් මාස 08ක් වයසැති බිළිඳෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ.

බදුල්ල – පස්සර මාර්ගයේ 130 වන කිලෝමීටර කණුව අසළදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළීමෙන් 08 හැවිරිදි බිළිඳෙක් ජීවිතක්ෂයට පත් විය. ත්‍රීරෝද රථය පදවා ඇත්තේ දරුවාගේ මවයි.

වැල්ලව ප්‍රදේශයේදී යතුරු පැදියක් විදුලි කණුවක ගැටීමෙන් 30 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර කින්නියා ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු මියගියේ මෝටර් රථයක් පදිකයින් දෙදෙනෙකුගේ ගැටීමෙනි. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබයි.

ගනේමුල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් 91 හැවිරිදි පදිකයෙකු මියගොස් තිබුණි.

ගාල්ල – කොළඹ මාර්ගයේ අයිලප්පෙරුම ප්‍රදේශයේදී තවත් පදිකයෙකු මියගොස් තිබුණේ පෞද්ගලික බස් රථයක ගැටීමෙනි.

දෙහිවලදී මරදාන සිට මොරටුව බලා ධාවනය වූ දුම්රියේ ගැටී 65 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේය. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.