27 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරූ රැජිනක් වූ ඉක්වදෝරයේ ආබාධිත තරුණිය

රූ රැජිනක් වූ ඉක්වදෝරයේ ආබාධිත තරුණිය

මට රෑ රැජිනක් වෙන්න ඕනේ 👸Guayaquil Victoria Salcedo අපට ඇය නුපුරුදු පෙනුමක් වගේම නුපුරුදු නමක්. ඇය ඉක්වදෝර් ජාතික වයස අවු 25 ක් වන තරුනියක්.

වයස අවු 5 දි ගෙදරදි විදුලි සැර වැදීමක් නිසා වුන අනතුරෙන් ඇයගේ අත් දෙක හා එක් කකුලක් අහිමි වෙනවා. පුංචි කාලේ ඉඳන් අනිත් ළමයි වගේ දුවලා පැනලා සෙල්ලම් කරන්න බැරි වුනත් අන් අය සෙල්ලම් කරන දිහා ආසාවෙන් බලා හිටියා.

තරුන වියට පැමිනීමත් එක්ක ඇයට රූ රැජිනක වීමේ ආසාවක් ඇතිවෙනවා. එ නිසාම Miss Ecuador 2021 තරගයට ඇය අයදුම් කරනවා. ඒ සඳහා ඇය සුදුසුකම් ලැබූ වත් අන් අයගේ ආකර්ෂනය අවධානය ඇයට ලැබෙන්නෙ නෑ. මුල් කාල සීමාව මෙසේ ගෙවෙද්දි තරගයේ අවසන් 22 අතරට ඇය තේරී පත්වෙනවා. එහිදි හැමෝගෙම අවධානය ඇය වෙත යොමු වෙනවා. “මට ඕනෙ උනේ රූ රැජිනක් වෙන්න. අතීතය ගැන මම දුක්වෙන්නේ නෑ” වරක් ඇය මාධ්‍යවේදියෙකුට මේ විදියට කියලා තිබුනා.

මේ වනවිට ඇය සමාජ සන්නිවේදනය පිළිබඳව අධ්‍යාපනය හදාරනවා. අනාගතයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවීම ඇගේ අරමුනයි. අද වන විට ඇයට Instagram followers 163k ක් සිටිනවා. ඒ වගේම ඇය Social Influence කෙනෙක් විදියට කටයුතු කරනවා. නිරූපන කටයුතු සඳහාත් ඇය බොහොම කැමති ලෙස සඳහන් කර ඇත. ඒ වගේම ඉක්වදෝරයේ රූ රැජින තරගයක් සඳහා ආබාධිත තරගකාරියක ලෙස ඉදිරිපත් වූ පළමු වැන්නාද ඇයයි. තමන්ගේ අපේක්ෂාවන් ඉටු කරගන්න ආබාධිත බව බාධාවක් නෙවෙයි අවශ්‍ය උනන්දුව කැපවීම හා ධෛර්ය පමනක් බව ඇගේ කතාවෙන් පිලිඹිබු වන බව ඇය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවේදී පෙන්වා දී තිබුනා.