27 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocal2019 හොඳම නගර සභා ගිණුම් වාර්තාව කොළඹ මහ නගර සභාවට

2019 හොඳම නගර සභා ගිණුම් වාර්තාව කොළඹ මහ නගර සභාවට

ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට අනුබද්ධ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමය මගින් වාර්ෂිකව මෙහෙයවන දීප ව්‍යාප්ත හොඳම වාර්ෂික වාර්තා හා ගිණුම් තරගාවලියේදී 2019 වර්ෂය සඳහා මහ නගර සභා අංශයේ හොඳම ගිණුම් වාර්තාවට හිමි රන් සම්මානයෙන් කොළඹ මහ නගර සභාව පිදුම් ලැබීය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති උත්සවයේදී එම රන් සම්මානය හිමිකර ගත්තේය.

සංකේතාත්මක වශයෙන් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් කොළඹ මහ නගර සභාවේ නාගරික භාණ්ඩාගාරික එස්. එම්. ශිරෝමා නන්දනී මහත්මිය වෙත පිරිනැමූ අවස්ථාව ඡායාරූපයේ වෙති. එම අවස්ථාවට සහභාගි වූ නියෝජ්‍ය නගරාධිපති එම්. ටී. එම්. ඉක්බාල් මහතා සහ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිනී දිසානායක මහත්මිය ද ඡායාරූපයේ වෙති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්