28 C
Colombo
Thursday, April 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආණ්ඩුව ඕනෑකමින් පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් රකිනවාද?

ආණ්ඩුව ඕනෑකමින් පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් රකිනවාද?

ආණ්ඩුව ඕනෑකමින් පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් රකිනවාද යන්න තමාට ප්‍රශ්නයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට තමා ආණ්ඩුවට අභියෝග කරන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන්,

“පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු මහ මොළකරුවන් අල්ලනවා කියලා එදා ඡන්ද පොරොන්දු ලබාදෙමින් බලයට පත්වුනා. අද වෙනකොට ඒක කරගන්න බැරි තත්වෙකට ආණ්ඩුව පත් වෙලාද එහෙම නැත්නම් කරන්න උවමනාවක් නැද්ද කියන ප්‍රශ්නය සමාජය තුළ කතා බහට ලක්වෙලා. අද වෙනකොට පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වෙලා දවස් දාහක් ගතවෙලා.

සහරාන්ගේ කල්ලියේ ප්‍රධාන සැකකාරිය විදියට වැඩ කරපු සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් කියන කාන්තාවෝ අල්ලා ගැනීම සඳහා වූ ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත ගැන තවම පැහැදිලි නැහැ. එකක් තමයි ජනාධිපතිතුමා ගේ කොමිෂන් වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා සාරා තවම ජීවතුන් අතර ඉන්නවා කියලා. ආණ්ඩුව ජාත්‍යන්තර පොලිසියට දන්වා තිබෙනවාද ඇය අත්අඩංගුවට ගන්න උදව් කරන්න කියලා අපි අහන්න කැමතියි.

සහරාන් එක්ක ළඟ සිටිය සාරා කියන ඒ කාන්තාව අල්ලා ගන්න හැකි වුනොත් මහමොළකරු ඉඳන් උදව් කරපු ශක්තිය දුන් අවි ආයුධ ලබාදුන්නු පුපුරණ දව්‍ය ලබාදීපු බෝම්බ තියන්න උගන්වපු සියලු අය සොයාගන්න පුළුවන් නමුත් ඒ කාන්තාව අල්ලගන්න ක්‍රියාපිළිවෙත මන්දගාමීව තමයි යන්නේ කියලා අපට පේනවා. මේ රටේ පහුගිය කාලේ එල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා පිළිවෙත සිදුවෙන කොට ඒවට සම්බන්ධ වෙච්ච අයගේ ඡායාරූප හැම පොලිස් ස්ථානයකම තිබුණා. නමුත් සාරා ගේ ඡායාරූපයක් කිසිම දැන්වීමක දාලා නැහැ. ආණ්ඩුවට ඕනෑකමෙන් සාරා අල්ලා ගැනීමට මගහරිනවා ද කියන ප්‍රශ්නය අපට මතුවෙලා තියෙනවා.”