29.5 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති සරත්ගේ නාටක නිසා ආරක්ෂක අංශ හෑල්ලු වෙනවා

ඇමති සරත්ගේ නාටක නිසා ආරක්ෂක අංශ හෑල්ලු වෙනවා

ජනතාවට නාටක නොපෙන්වා බොරැල්ල පල්ලියේ බෝම්බය තැබූ සිද්ධියේ විමර්ශනවල සත්‍ය ප්‍රගතිය රටට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

නීතිය හා සාමය අමාත්‍යවරයාගේ නාටක සෙල්ලම් නිසා රටේ ආරක්ෂක අංශ හෑල්ලුවට ලක්වන බවත් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආගමික සහජිවනය නැති කිරීමට උත්සාහ කරන මහ මොළකරුවන් කවුරුන් දැයි කඩිනමින් රටට ඉදිරිපත් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.