27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිරි ගවයන් ගෙන්වීමේදී කෝටි 175ක් නිකරුණේ නාස්ති කරලා

කිරි ගවයන් ගෙන්වීමේදී කෝටි 175ක් නිකරුණේ නාස්ති කරලා

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය කිරි ගවයන් 15,000ක් ආනයනය කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුට රුපියල් කෝටි 175කට වැඩි මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා තිබියදීත් එකම කිරි ගවයකු හෝ ආනයනය කර බාරදී නැතැයි යන සිද්ධියක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

විදේශ බැංකුවකින් ලබාගත් ණය මුදලකින් අදාල කොන්ත්‍රාත්කරුට 2018 වර්ෂයේදී මෙම මුදල ගෙවා ඇතැයි පැවසෙයි. මෙනිසා එම මුදලට අමතරව මෙම ණය මුදල සඳහා වූ පොලිය මෙන්ම රුපියල අවප්‍රමාණය වීමේ අලාභයද රජයට දැරීමට සිදුවූ බව විගණන වාර්තාවක සඳහන්ය.