26.1 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රියට මිලියන 10ක පාඩුවක්

දුම්රියට මිලියන 10ක පාඩුවක්

වෘත්තිය සමිති හදිසියේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 10ක පමණ පාඩුවක් සිදුව ඇති බව දුම්රිය සමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි.

ප්‍රවේශපත්‍ර නොමැතිව මගීන් එදින දුම්රියේ ගමන් කර ඇති බව වාර්තා වෙයි.
පෙරේදා (15) දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ඇතැම් දුම්රිය ධාවනය අතරමග ඇනහිටියේය.

එම තත්ත්වය තුළ දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත්විය. මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ වර්ජනය පැවැති දිනවල අතරමග දුම්රිය නවතා මගීන් අපහසුතාවට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.