28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොරොච්චෝලේ නඩත්තු කළ චීන සමාගමට ඩො.මි. 17ක්

නොරොච්චෝලේ නඩත්තු කළ චීන සමාගමට ඩො.මි. 17ක්

ලක්විජය බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු සඳහා තාක්ෂණික උපදේශන සේවා ලබාගත් චයිනා මැෂිනරි ඉංජිනේරින් කෝපරේෂන් සමාගම (සී.එම්.ඊ.සී) සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 17.5ක හිඟ මුදලක් ගෙවිමට සිදුව ඇති බව වාර්තා වෙයි.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු උපදේශන සේවා ප්‍රසම්පාදනය යන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් ලංකා විදුලි බල මණ්ඩලය හා සී.එම්.ඊ.සී අතර තාක්ෂණික සේවා ගිවිසුම ප්‍රමාද දෝෂයකින් අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව දීර්ඝ කර තිබීමද මෙම ගාස්තු ගෙවීම ප්‍රමාද වී තිබිමට හේතුවක් වි ඇති බව වාර්තා වෙයි.

සී.එම්.ඊ.සී විසින් ලක්විජය බලාගාරයේ සිදුකර ඇති වැඩ සඳහා මුල් ගිවිසුම ප්‍රකාරව එම ආයතනයට ගෙවිම් කිරීම සඳහා මින් පෙර අනුමැතිය ඉල්ලා ඇති අතර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියන් ඇතුළුව විධිමත් කටයුතු අවසන් වන තෙක් ‌එම ගෙවීම් කටයුතු අත්හිටුවා තිබේ.

මේ අතර සී.එම්.ඊ.සී විසින් තම දිගුකාලීන ප්‍රමාද වූ ගෙවීම් කරන ලෙස ඉල්ලා ඇත්තේ සී.එම්.ඊ.සී විසින් මෙහෙයුම් හා නඩත්තු කටයුතු නිවරදිව හා ඵලදායිව ගිවිසුමේ ඒකඟ වී ඇති ආකාරයට සිදුකර ඇති අවස්ථාව අභ්‍යන්තර පටිපාටිය අසාර්ථක වීම නිසා ගෙවීම් අත්හිටුවීම නිදහසට කරුණක් නොවන බවට දන්වමිනි.