ශ්‍රී ලංකා ගායිකා යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මග හිතේ’ ගීතයේ අනුකාරක ගීතයක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත සභා මැතිවරණයට යොදා ගැනීමට නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂය (BJP) භාවිතා කිරීමට සූදානම්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ සහ උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගීගේ අපේක්ෂාවන් ඉහළ නැංවීම සඳහා එම ගීතය භාවිතා කරනු ලැබේ. ඉන්දියාවේ විශාලතම ප්‍රාන්ත අතර උත්තර් ප්‍රදේශ් මැතිවරණය පෙබරවාරි 10 වැනිදා ආරම්භ වන අතර ඡන්ද විමසීම මාර්තු 7 වැනිදා අවසන් වේ.
ඒ අනුව පක්‍ෂෙය් නවතම මැතිවරණ ප්‍රචාරක ගීතය ‘යෙහී මෝදි…යෝගී…යූ.පී යෝගී, යූ.පී යෝගි..ආ..යේගි පීර් සෙ බී.ජේ.පී..’ ලෙස මෙම තනුවට අදාළ පද රචනය කර ඇත්තේ උත්තර් ප්‍රදේශ් ජනතාව ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ අගමැති මෝදි සහ මහ ඇමති අපේක්‍ෂක යෝගිට බවට වූ පණිවුඩය ඡන්ද දායකයා වෙත යැවීම සදහාය.
තවදුරටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉදිරි ප්‍රාන්ත සභා මැතිවරණ සදහා වඩාත් ආකර්ශණීය හා සංවේදී ශ්‍රී ලංකාවේ සිංහල ගීතයක් වූ ‘මැණිකේ මගේ හිතේ’ ගීයේ සංගීතය පාදක කරගනිමින් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල සදහා යොදා ගැනීම ආකර්ශණීය ප්‍රවේශයක් වන බවය.