26 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංකාවට කඩුලු 05ක විශිෂ්ට ජයක්

ලංකාවට කඩුලු 05ක විශිෂ්ට ජයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය කඬුලු 05 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 296ක් රැස් කළේය. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ෂේන් විලියම්ස් සිය පස්වන ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහු ශතකය වාර්තා කළේ පන්දු 87 ක් තුළදීයි. ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 09 ක් ඇතුළත් විය.

රෙජිස් චකබ්වා ලකුණු 72යි. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න කඬුලු 03 ක් දවා ගත් අතර නුවන් ප්‍රදීප් සහ ජෙෆ්රි වැන්ඩසේ අතර කඬුලු 02 බැඟින් බෙදී ගියේය. කමිදු මෙන්ඩිස් ද සිම්බාබ්වේ කණ්ඩායමේ එක් කඬුල්ලක් දවා ගත්තේය.

ලකුණු 297 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු වාර 48 යි පන්දු 03 ක් අවසානයේ සිය ජයග්‍රහණය වාර්තා කළා. කඩුලු 05 ක් පමණක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය පසු කර ගියේ ලකුණු 300 ක් ලබා ගනිමින්.

දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිෂ්ශංක ලකුණු 75 බැගින් රැස් කිරීම විශේෂත්වයක්. චරිත් අසලංක දැවී ගියේ ලකුණු 71 ක් ලබා සිටියදීයි. පන්දු 68 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 06 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

තරඟ තහනමකට ලක්වීමෙන් අනතුරුව පළමු තරඟයට ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 26 ක් පමණයි. නොදැවී පන්දුවට පහර දුන් නායක දසුන් ශානක ලකුණු 10 ක් සහ චාමික කරුණාරත්න ලකුණු 05 ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ සහභාගී වූ පළමු එක්දින ක්‍රිකට් තරඟය ජයගත්තා. සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය හෙට පල්ලෙකැළේදී ආරම්භවීමට නියමිතයි.