27.9 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලෝක විවාහක රූ රැජින කිරුල ඇමරිකාවට

ලෝක විවාහක රූ රැජින කිරුල ඇමරිකාවට

මෙවර ලෝක විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ 37 හැවිරදි Shaylyn Fordya. ඉතිහාසයේ ප්‍රථම වරට එක්සත් අරාබි එමිර් රාජ්‍ය (UAE) මෙවර තරගය සදහා තම රටේ යුවතියක් ඉදිරිපත් කළ අතර ඇය දෙවන ස්ථානය ජයග්‍රහණය කිරීමට සමත් විය.

තුන්වන ස්ථානය ජයග්‍රහණය කළේ ජෝර්දානය නියෝජනය කළ විවාහක රූ රැජිණයි. දෙවන හා තෙවන ස්ථාන දෙකම අරාබිකරයේ කාන්තාවන් ජයග්‍රහණය කිරීමට සමත් වීමද මෙහි තවත් විශේෂත්වයකි. ශ්‍රී ලංකාව නියෝජනය කළ පුෂ්පිකා ඩී. සිල්වා අවසන් 6 දෙනාගේ වටයට තේරී පත්ව ඇත.

මෙම තරගය තුළ වැඩි අවදානයක් දිනා ගැනීමට Best National Costume වටයේදී ඉන්දියානු රූ රැජිණ වූ Navdeep Kaur සමත් විය. ඒ නාගයෙකු නිරූපණය වන කුණ්ඩලීනි චක්‍ර (Kundalini Chakra) නම් ඇදුම සදහා එම වටයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමිනි.