27.8 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවිවාහ උත්සවයේදී බෑනා මාමණ්ඩියගේ ගෙල මිරිකයි

විවාහ උත්සවයේදී බෑනා මාමණ්ඩියගේ ගෙල මිරිකයි

විවාහ මංගල්‍ය උත්සවයකදී ඇතිවූ පවුලේ ආරවුලක් මත පුද්ගලයෙකුගේ ගෙල මිරිකා ඝාතනය කිරීමේ සිද්ධියක් තිස්සමහාරාමය, විරහෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.

විවාහ මංගල උත්සවයක් අතරතුර පවුලේ සාමාජිකයින් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් මරණකරුගේ වැඩිමහල් දියණියගේ ස්වාමිපුරුෂයා විසින් ඊයේ (16) එම දියණියගේ පියාට පහරදී ගෙල මිරිකා එම ඝාතනය සිදුකර ඇත.

සිද්ධියෙන් 54 හැවිරිදි පඩවිගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මියගොස් තිබේ. එම ඝාතනය සිදුකරන ලද සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.