27 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශිෂ්‍යත්ව උපකාරක පංති හෙට මැදියම් රැයින් තහනම්

ශිෂ්‍යත්ව උපකාරක පංති හෙට මැදියම් රැයින් තහනම්

5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රි 12 සිට සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ ඒ අනුව විභාගය අවසන් වන තෙක් අපේක්ෂකයින් සඳහා උපකාරක පංති සංවිධානය කිරීම , පංති මෙහෙයවීම , විෂයානුබද්ධ දේශන , සම්මන්ත්‍රණ , වැඩමුළු පැවැත්වීම සම්පුර්ණයෙන් තහනම් බවයි.

විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා ඒවා බෙදාහැරීම ද තහනම් වනු ඇති.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් , බැනර් , අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම , එවැනි දෑ ළඟ තබා ගැනීම ද තහනම් වනු ඇති.

යම් පුද්ගලයෙක් , ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් එම නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් , ඔවුන් වරදකරුවෙකු වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

2021 වසරේ 05 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 22 පැවැත්වීමට නියමිතයි.