29 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට කෝටියක ආදායමක්

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට කෝටියක ආදායමක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කොවිඩ් වසංගතයෙන් පසු විවෘත කර ජනවාරි මස 14, 15, 16 යන තෙදින තුළ වාර්ථාගත රුපියල් 10,344,221.94 ක මුදලක් ආදායම් ලෙස උපයා ගැනීමට සමත්ව ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

මේ අනුව දේශීය සංචාරකයින් 61256 ක්ද විදේශීය සංචාරකයින් 790 ක්ද පැමිණ ඇත.දෙහිවල ජාතික සත්වෝද්‍යානය රුපියල් 3,423,001.94 ක්ද, පින්නවල අලි අනාථාගාරය රුපියල් 2,695,430 .00 ක්ද, පින්නවල සෆාරි උද්‍යානය රුපියල් 980,050.00 ක්ද හම්බන්තොට සෆාරි උද්‍යානය රුපියල් 3,245,740.00 ක්ද උපයාගනු ලැබ ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වැඩිදුරටත් පැවසුවාය.