28.4 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්පුට්නික් එන්නත ගත් අයට ඔස්ට්‍රේලියාවට එන්න වරම්

ස්පුට්නික් එන්නත ගත් අයට ඔස්ට්‍රේලියාවට එන්න වරම්

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දෙන එන්නතක් ලෙස එරට ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අද (17) පිළිගෙන තිබේ.

මේ අනුව ස්පුට්නික් එන්නතේ මාත්‍රා 02ක් ගෙන ඇති විශාල පිරිසකට ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකියාව පවතී. ස්පුට්නික් එන්නත මගින් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සියයට 89කින්ද රෝහල්ගත කිරීම හෝ මරණ වැළැක්වීම සියයට 98 කින්ද වළක්වන බවට තහවුරුවීමත් සමග ඔස්ට්‍රිලියාව මෙම පිළිගැනීම සිදුකර ඇත.

මේ අනුව විදෙස් සංචාරකයින් පැමිණීමේදී ලබාගත යුතු කොවිඩ් එන්නත් වර්ග 09කට ඔස්ට්‍රිලියාව විසින් අවසර ලබා දී තිබේ. ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් රට තුළ භාවිතයට අනුමැතිය දී ඇති අතර ඉන්දියාවේ නිෂ්පාදිත කොවැක්සින්, කොවිෂීල්ඩ් මෙන්ම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ සයිනොවැක් යන එන්නත්වලින් මාත්‍රා 02ක් ලබා ඇති සංචාරකයින්ටද ඔස්ට්‍රිලියාවට පැමිණීමේ හැකියාව පවතී.