26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුවේ උරුමක්කාරයින් පොහොට්ටුවේ අය විතරක් නෙවෙයි

ආණ්ඩුවේ උරුමක්කාරයින් පොහොට්ටුවේ අය විතරක් නෙවෙයි

ආණ්ඩුව යන නව ගමන වැළැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නැතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

වත්මන් ආණ්ඩුවේ උරුමක්කාරයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පමණක් නොවන බවත් ජනතාව නියෝජනය කරන දේශපාලඥයින් ලෙස ආණ්ඩුවේ වැරදි පෙන්වා දීමට යුතුකමක් ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ආණ්ඩුව) ඒ යන අලුත් ගමනට අපි කකුලෙන් අදින්න සූදානම් නැහැ. මේ ආණ්ඩුව අපි හදාගත්ත ආණ්ඩුවක්. මේකේ උරුමක්කාරයෝ පොහොට්ටුවේ අය විතරක් නෙවෙයි. මේකට අපි ත් දායක වෙලා තියෙනවා විතරක් නෙවෙයි, අපි ජනතාව නියෝජනය කරන දේශපාලඥයෝ. අපිට ත් අයිතිවාසිකමක් තියෙනවා යුතුකමක් තියෙනවා මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න. මේ ආණ්ඩුවේ වැරදි පෙන්නලා දෙන්න.”