28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑතනෝල් ජාවාරම්කරුට ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය දුන්නේ කවුද?

එතනෝල් ජාවාරම්කරුට ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය දුන්නේ කවුද?

එතනෝල් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ව්‍යාපාරිකයෙකුට ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමේ පහසුකම් සලසා දීමට රාජ්‍ය අමාත්‍යවරයෙක් විසින් කටයුතු කළ බවට වාර්තා වූ සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට භාරදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා අවශ්‍ය සීසීටීවී දර්ශන ඇතුළු ඕනෑම තොරතුරක් ලබාදීමට ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලය සූදානමින් සිටියි.

එම සිද්ධිය පිළිබඳ වාර්තා වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කර තිබුණි. ඒ අනුව සකස් කළ විමර්ශන වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයාට භාර දී ඇත.

එතනෝල් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඩුබායි රටට පැන ගොස් සිටි එතනෝල් ව්‍යාපාරිකයෙක්ට ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමේ පහසුකම් සැලසීමට රාජ්‍ය අමාත්‍යවරයෙක් මැදිහත් වීමේ සිද්ධියක් පිළිබඳ පසුගියදා වාර්තා විය.