28 C
Colombo
Monday, April 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකරන්ට් කපනවා නම් නීතියේ සහය පතන්න - රංජන් ජයලාල්

කරන්ට් කපනවා නම් නීතියේ සහය පතන්න – රංජන් ජයලාල්

ලබන 22 දායින් පසු විදුලිය කප්පාදු කරන්නේ නම් ජනතාව තමන්ගේ වගකීම අතට ගෙන නීතිමය මාර්ගවලට පිවිසෙන ලෙස සමස්ත ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් අවධාරණය කරයි.

විදුලි බිල නියමිත දිනට පාරිභෝගිකයා විසින් ගෙවනු ලබන්නේ නම්, මෙවන් අවස්ථාවකදී ජනතාවට නීතිමය පියවර ගත හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

ගාමිණී ලොකුගේ පවසන පරිදි ලබන 22 වැනිදා තෙක් ඉන්ධන ඇති බවත් ඉන් පසු ඉන්ධන නොලැබුණහොත් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවත් එසේ වුවහොත් කොරෝනාවලින් පසු රට වසන්නට සිදු වූ ලෙසින්ම අනිවාර්යයෙන් විදුලිය කප්පාදුවකට යාමට සිදුවුවහොත් දෙවන වතාවටත් රට වසා දැමීමට සිදුවන බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.

වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයා හෝ ඇමතිවරුන්ගෙන් ජාතික ප්‍රශ්නවලදී කලින් කියූ දේවල් නොව ඊට හාත්පසින් වෙනස් දේවල් සිදු වූ බැවින් මේ යන ආකාරයට අඛණ්ඩව විදුලි කප්පාදුවක් වුවහොත් වත්මන් ආණ්ඩුවට අනිවාර්යයෙන්ම බලය පසෙක තබා ගෙදර යාමට සිදුවනු ඇති බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කලේය.