30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජර්මානු යුද නෞකාවක් කොළඹ වරායට

ජර්මානු යුද නෞකාවක් කොළඹ වරායට

ජර්මානු යුද නෞකාවක් වන බයර්න් නමැති සබ්මැරීන් නාශක නෞකාවක් කොළඹ වරායට සේන්දු වී තිබේ.

ද්වී පාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම නෞකාව මෙරටට ළඟා වී තිබේ. ‘බයර්න්’ නමැති මෙම නෞකාව හෙට දිනයේදී පිටත්වීට නියමිත අතර ඊට ප්‍රථම මෙරට නාවික හමුදාව සමග යුද්ධ අභ්‍යාසයක නිරතවීමට නියමිතයි.

මෙම ජර්මානු බයින් නෞකාව සම්බමැරීන නාශක නෞකාවක් ලෙස 1996 වසරේ ජුනි 15 වනදා අධිකාරියට පත් කර තිබේ. මෙම නෞකාවට මුහුදු සහ ගුවන් අවකාශය නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින අතර අධිබලැති රේඩාර් පද්ධතියකින්ද සමන්විතයි.

පසුගිය අගෝස්තු මසයේ සිට මෙම නෞකාව ඉන්දු පැසිපික් කලාපය සඳහා යොදවා ඇති බව ජර්මානු තානාපති කාර්යාලය සඳහන් කළේය. මෙම නෞකාව මීට පෙර උතුරු කොරියාවට එක්තස් ජාතීන්ගේ සංවිධානයට පනවා තිබූ සම්බාධක නිරීක්ෂණය කිරීම සඳහා යොදව තිබේ.