27.2 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදෙදෙනෙකුට මරු කැඳවූ ට්‍රැක්ටර් අනතුර

දෙදෙනෙකුට මරු කැඳවූ ට්‍රැක්ටර් අනතුර

මොනරාගල ජීලෝන් කඳුවැටිය මාර්ගයේ ජලටැංකිය අසල 09 වංගුවේදී ඊයේ (17) සවස ට්‍රැක්ටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ට්‍රැක්ටර් රථයේ රියැදුරු සහ එහි සහායක ජීවිතක්ෂයට පත්වී ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ට්‍රැක්ටර් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කළ බඩල්කුඹුර අතල පොල් ඉඩමේ පදිංචි දෙනිපිටිය මාණික්‍යගේ දයා ඩග්ලස් (58) නැමති තිදරු පියෙකු සහ සහායක ලෙස කටයුතු කළ මොනරාගල කුමාරවත්ත පදිංචි කිට්නන් සිවයෝගන් (55) නැමති තිදරු පියෙකි.

මෙම දෙදෙනා මොනරාගල කුමාරවත්ත මාර්ගය කාපට් කරන පුද්ගලික ඉඳිකිරීම් සමාගමක සේවයකර ඇති අතර මාර්ගයට අවශ්‍ය කාපට් මිශ්‍රණ මොනරාගල සිට ජීලෝන් කඳුවැටියේ ඉහළ මාර්ගයේ කොටසට රැගෙනගොස් දමා ආපසු එමින් සිටියදී 09 වංගුව අසලදී ට්‍රැක්ටර් රථයේ එන්ජින් කොටස ට්‍රේලරයෙන් ගැලවී ප්‍රපාතයට වැටී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.