28.3 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්‍රියන්ත කුමාරගේ බිරිඳගේ ගිණුමට අමෙරිකානු ඩොලර් 100,000ක්

ප්‍රියන්ත කුමාරගේ බිරිඳගේ ගිණුමට අමෙරිකානු ඩොලර් 100,000ක්

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර වෙත ලබාදීමට නියමිතව තිබූ අරමුදල ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කර තිබේ.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

එම ට්විටර් පණිවුඩයේ සටහන් වන්නේ පාකිස්තානයේ සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාව විසින් එකතු කරන ලද අමෙරිකානු ඩොලර් 100,000 ක මුදල ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කර ඇති බවය.

මේ අතර ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට ලක්වන විට සේවයේ නිරතව සිටි රාජ්කෝ ආයතනය විසින් ඔහුට හිමි මාසික වැටුප වන ඩොලර් 2000ක මුදලක් ද බිරිඳගේ ගිණුමට බැර කර ඇති බවද එම සටහනේම සඳහන් වෙයි.

එම වැටුප වසර 10ක කාලයක් ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳට හිමිවනු ඇති.

පසුගිය වසරේදී ප්‍රියන්ත කුමාර මහතා පාකිස්තානයේ සියල්කොට් නගරයේ අදාළ ආයතනයේ සේවයේ නිරතව සිටියදී අමානුෂික ලෙස සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්විය.