26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදි අනතුරකින් යුවළක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් යුවළක් ජීවිතක්ෂයට

ඇල්පිටිය පිටිගල ප්‍රධාන මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේදී සිදුවූ යතුරු පැදි, ලොරි රථ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් යුවළක් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පැලවත්ත මිරිස්වත්ත ප්‍රදේශයේ දෙදෙනකු බවද පොලිසිය කියයි.

යතුරු පැදිය ලොරි රථයේ ගැටී මීටර් තුන්සියයක් පමණ දුරට ඇදිගොස් ඇති අතර ලොරි රථය අතරමග දමා එහි රියදුරු පැනගොස් සැඟව සිටියදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යුවළ ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වනවිටත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.