30 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරෝහල්වලත් උසස් පෙළ විභාග මධ්‍යස්ථාන

රෝහල්වලත් උසස් පෙළ විභාග මධ්‍යස්ථාන

උසස් පෙළ විභාගයට පෙනී සිටින ‘කොවිඩ්’ වයිරසය වැළදුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකම රෝහල බැගින් වෙන්කර රෝහල තුළ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

උසස් පෙළ විභාගය වැඩි දින ගණනක් ක්‍රියාත්මක වන විභාගයක් වීම නිසා විශේෂ ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවත් ඒ සඳහා වෙනම රෝහල් හදුනාගෙන තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

සෑම දිස්ත්‍රික්කයකින්ම තෝරාගෙන ඇති රෝහලට දරුවන් ඇතුළත් කර රෝහල විභාග මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.