26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දුනීසියාවේ අගනගරය වෙනස් කළේ ඇයි?

ඉන්දුනීසියාවේ අගනගරය වෙනස් කළේ ඇයි?

ඉන්දුනීසියාව සිය අගනගරය වෙනස් කිරීමට තීරණය කර තිබේ. නව අගනගරය නම් කර ඇත්තේ ‘නුසන්තාරා’ යනුවෙනි.
   
වර්තමාන අගනගරය වන ‘ජාකර්තා’ නගරය ගිලා බැසීම හේතුවෙන් අගනගරය ලෙස වෙනත් ස්ථානයක් නම් කිරීමට අවශ්‍ය අනුමැතිය එරට පාර්ලිමේන්තුව විසින් පසුගියදා ලබාදී තිබුණි.

බෝර්නියෝ නම් දූපතෙහි නව අගනගරය ස්ථාපනය කර ඇති අතර එය සංවර්ධනය කිරීම 2019 වසරේදී ඇරඹීය.

භූගත ජලය අධික ලෙස ලබාගැනීම හේතුවෙන් ජාකර්තා නගරය නොසිතු ලෙස ගිලා බසිමින් සිටින බව විද්‍යාඥයෝ පවසති. එහි ජනගහණය මිලියන 10කි.