24.5 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල ඉහළට?

ඉන්ධන මිල ඉහළට?

ඉරාකයේ සිට තුර්කිය දක්වා ඉන්ධන රැගෙන යන නළ මාර්ගයක ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් සහ ලොව ඇතිවෙමින් පවතින භූ දේශපාලන ගැටලු හේතුවෙන් බොර තෙල් සැපයුමට බාධා ඇතිවෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව දෙවැනි සහ තෙවැනි විශාලතම ඛනිජ තෙල් නිෂ්පාදකයින් ලෙස සැලකෙන රුසියාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඇතිවී තිබෙන භූ දේශපාලනික ගැටලු හේතුවෙන් ලෝක තෙල් අර්බුදයක් නිර්මාණය වෙමින් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ඒ අනුව අද (19) ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පිට පිට සිව්වැනි වරටත් ඉහළ ගොස් තිබේ. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 88.38 දක්වා 1.2%කින් වර්ධනය වී තිබේ. එක් වරෙක එහි මිල ඩොලර් 89.05ක් දක්වා වැඩිවූ අතර එය 2014 වසරේ ඔක්තෝබර් 13ට පසුව වාර්තා වූ වැඩිම මිල ලෙස දැක්වෙයි.

U.S. Wඑස්ට් ඨෙxඅස් ඓන්ටෙර්මෙඩිඅටෙ බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.03 කින් ටො ඩොලර් 86.46 දක්වා ඉහළ ගොස් තිබුණි. එසේම 2014 ඔක්තෝබර් 09 වනදාට පසුව වාර්තා වූ බිල අභිබවා ගොස් වරෙක එහි මිල සඳහන් වූයේ ඩොලර් 87.08ක් ලෙසටයි.

ඉරාකයේ කර්කුක් සිට තුර්කියේ සීහෑන් දක්වා දිවෙන නළ මාර්ගයේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් බොර තෙල් සැපයුමට බාධා ඇතිවී ඇති අතර එම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.