26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාන්තා ක්‍රිකට් කණ්ඩායම ස්කොට්ලන්තය පරදයි

කාන්තා ක්‍රිකට් කණ්ඩායම ස්කොට්ලන්තය පරදයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ ඊයේ (18) පැවති තරගයකින් ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ඒ ස්කොට්ලන්තය පරාජය කරමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 4 ක් දැවී ලකුණු 182 ක් රැස් කළා. නායිකා චමරි අතපත්තු පන්දු 45කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 96 ක්.

නිලක්‍ෂි ද සිල්වා පන්දු 16 කදී ලකුණු 23 ක් රැස් කළා. ලකුණු 183 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 12 යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 73ක් පමණයි. පන්දු යැවීමේදී සචිනි නිසංසලා සහ අමා කාංචනා කඩුළු 2 ක බැගින් බිදහෙළුවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය කෙන්යාවට එරෙහිව හෙට පැවැත්වීමට නියමිතයි.