25 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන්යානා නඩත්තුව සිලෝන් එරෝනොටිකල් සමාගමට

ගුවන්යානා නඩත්තුව සිලෝන් එරෝනොටිකල් සමාගමට

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ගුවන් යානාවල රේඛීය නඩත්තු ( Line Maintenance ) කටයුතු සිදු කිරීමට සිලෝන් එරෝනොටිකල් සර්විස් (Ceylon Aeoronautical Services) පුද්ගලික සමාගමට ලබාදීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

මේ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීම සදහා මෙම ගුවන් සේවා නඩත්තු සමාගමේ සංවිධානාත්මක ව්‍යුහය, එම සමාගම සතු අත්දැකීම් සහිත කාර්යය මණ්ඩලය සහ මෙම සමාගමට වෙනත් සේවා සැපයීමේ හැකියාව වැනි කරුණු රාශියක්, දීර්ඝ තක්සේරුවකට ලක් කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් සේවා පරීක්ෂකවරුන් පියවර ගෙන තිබුණි .

මෙම ගුවන් සේවා සමාගම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ කොග්ගල ගුවන් තොටුපළ මුල් කර ගනිමින් රේඛීය නඩත්තු කටයුතු සිදු කෙරේ. මේ වනවිට මෙම රේඛීය නඩත්තු කටයුතු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා ඉංජිනේරු අංශය සහ තවත් විදේශීය ගුවන් සේවා සමාගම් කීපයක් විසින් සිදු කර ගෙන යයි.