26.7 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනප්‍රිය නිළියකගේ සිරුරක් ගෝනියක් තුළ තිබී හමුවෙයි

ජනප්‍රිය නිළියකගේ සිරුරක් ගෝනියක් තුළ තිබී හමුවෙයි

බංග්ලාදේශයේ අතුරුදන්ව සිටි ජනප්‍රිය නිළියක වන රයිමා ඉස්ලාම් ෂිමුගේ (Raima Islam Shimu ) සිරුර ගෝනියක බහා තිබියදී සොයාගෙන තිබේ.

ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් සැමියා වන ෂකාවත් අලි නොබෙල් පාපොච්චාරණය කර ඇත. රයිමා ඉස්ලාම් ෂිමු අතුරුදහන් වී දිනකට පසු ඩකාහි කෙරනිගං හි පාලමක් අසල ගෝනියක් තුළ තිබී සිරුර සොයාගෙන ඇත.

සිරුරේ තුවාල සලකුණු රැසක් තිබූ බව පොලිසිය ප්‍රකාශ කර ඇති අතර ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ශ්‍රීමත් සාලිමුල්ලා වෛද්‍ය විද්‍යාල රෝහල (SSMCH) වෙත යවා ඇති බව වාර්තා වෙයි.

ඇයගේ සැමියා වන ෂකාවත් අලි නොබෙල් විසින් තම බිරිඳ අතුරුදහන් වී ඇති බව පවසමින් පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද ගොනු කර තිබේ. සිරුර සොයා ගැනීමෙන් පසු ඇයගේ රියදුරාද විමර්ශනය සඳහා අත්අඩංගුවට ගෙන තිබේ.

ර්‍අඉම ඓස්ලම් ෂිමු බංග්ලාදේශයේ ජනප්‍රිය නිළියක් වන අතර 1998 දී Kazi Hayat  විසින් නිර්මාණය කරන ලද ‘Bartaman’ චිත්‍රපටය ඇයගේ මංගල සිනමා දර්ශනයයි. එතැන් සිට ඇය බොහෝ චිත්‍රපටවලට රංගනයෙන් දායක වී ඇති අතර චිත්‍රපට කර්මාන්තයේ ඇයටම සුවිශේෂී වූ අනන්‍යතාවක් පවත්වාගෙන ගිය අයෙක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.