24.5 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටේ අරාජිකත්වයට ආණ්ඩුව වගකියන්න ඕනේ

රටේ අරාජිකත්වයට ආණ්ඩුව වගකියන්න ඕනේ

රටකට ආර්ථික වශයෙන් සිදුවිය හැකි සියල්ල සිදු වී අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි. අද (19) නවගමුවේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ වනවිට රට තුළ විශාල ඩොලර් හිඟයක් ඇති වීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීම පමණක් නොව විදුලි බලාගාරවල ජනන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම වැනි ආර්ථිකමය වශයෙන් බැරෑරුම් අර්බුද රැසකට රට මුහුණ දීමේ තත්ත්වයකට ලක් වීමෙන් අරාජිකත්වයක් නිර්මාණය වී ඇති බව අනුර කුමාර දිසානායක පවසයි.

මෙම තත්ත්වයට වත්මන් පාලකයින් පමණක් නොව, රට පාලනය කළ සියලුම වගකිව යුතු නිලධාරින් උත්තර බැඳිය යුතු බවත් වත්මන් බලධාරින් පවා සිය අමාත්‍ය ධුරය තුළ කිසිදු වගකීමකින් තොරව කටයුතු කරන අයුරු දැකිය හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.