― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරාජපක්ෂලා කුට්ටම පැත්තකින් තියයි

රාජපක්ෂලා කුට්ටම පැත්තකින් තියයි

රාජපක්ෂලා කුට්ටම පැත්තකින් තියයි

පසුගිය සතියේ දේශපාලන ක්ශේත්‍රයේ වැඩි අවධානයක් යොමු වුණේ කැබිනට් සංශෝධනය පිලිබදව ය.අදාල සංශෝධනය පිළිබඳව සැලවීමත් සමගම   අගමැතිවරයාටද, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද  ඉස්පාසුවක් නොවීය. ඊට හේතු වී තිබුණේද විවිධ මැති ඇමැතිවරුන් ඇමැති තනතුරු ඉල්ලමින් අගමැතිවරයාත්, මුදල් ඇමැතිවරයාත් පස්සේ වැටී සිටීම නිසාය. මෙය කරදරයක් වන තැනටම පත්විය. අවසානයේදී රාජපක්ෂ ලා තීන්දු කළේ පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු නොකොට ඇමැතිවරුන්ගේ ආයතන පමණක් වෙනස් කිරීමටය.
කැබිනට් සංශෝධන කුට්ටම ඇඟිල්ල නැවතුනේ එහෙමය.
…………………
රහස් සමීක්ෂණයෙන් පොහොට්ටුව  හාන්සියි.

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් විදේශීය ආයතනයක් ලවා කරවනු ලැබූ මත විමසුම් සමීක්ෂණයකින් පොහොට්ටුව පිළිබඳව ජනතා ආකර්ෂණය අදහාගත නොහැකි තරම් බරපතළ ලෙස නායගොස් ඇතැයි වාර්තා වේ.ඒ අනුව ආණ්ඩුවේ පොහොට්ටුවෙන් ජනප්‍රියත්වය 30% දක්වා පහළ බැස තිබේ.

මේ බරපතළ නාය යාම පිළිබඳව දැඩිසේ  කලබලයට පත්ව ඇති බැසිල් රාජපක්ෂ සහන පැකේජය  ලබාදීමට කටයුතු කොට තිබේ.

ආණ්ඩුවේ මේ නායයාම පිළිබඳව අගමැතිවරයා ද දැඩිසේ කලබලයට පත්ව ඇති අතර මේ තත්ත්වය පිළිබඳව බරපතළ කලකිරීමකින් සිටින බවද දැනගන්නට ලැබී තිබේ.

පීබී රට දෙයියන්ට භාර දෙයි.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ සිටම දශක දෙකකට වැඩි කාලයක් රටේ ආර්ථිකය මෙහෙයවමින් සිටියේ පී.බී.ජයසුන්දර ය.ඒ අතර ඔහු පසුගියදා තනතුරින් ඉවත් වීමට තීන්දු කළේය. 
මේ අතර, විදෙස් රටක සිටින පී.බී.ගේ එක්තරා මිත්‍රයකු පී.බී,ට වට්ස්ඇප් පණිවුඩයක් එවීමට පියවර ගෙන තිබිණි. ‘දැන් ඔබතුමාත් අයින් වෙනවා. මට හරිම කනගාටුයි. මොකක්ද රටට වෙන්න යන්නේ…?’ යනුවෙන් ඔහු අසා තිබිණි. ඊට පී.බී. ලබාදී තිබුණේ වචන 6ක ඉතා කෙටි උත්තරයකි. වචන 6ක් පමණක් වුවත් එහි ගැබ්ව තිබුනේ ඉතා බරපතළ ආර්ථයකි. ‘Only god can save our country’ යනුවෙන් එහි සඳහන්ව තිබූ අතර එහි සිංහල තේරුම වනුයේ, ‘අපේ රට බේරගන්න පුළුවන් දෙවියන්ට පමණයි…’ යන්නය. ඒ අනුව පී.බී.ගේ මේ උත්තරයෙන් පැහැදිලි වන්නේ මෙම ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීම පහසු නොවන බව පී.බී.ටද වැටහී බවය.