31 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලොව වයස්ගතම පුද්ගලයා මියයයි

ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙසට සැලකෙන ස්පාඤ්ඤ ජාතික Saturnino de la Fuente Garcia ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 112ක්.

ඔහුගේ මීළඟ උපන්දිනයට සති 3ක් ඉතිරිව තිබියදීයි අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගෙන ඇත්තේ.

ලොව වයස්ගතම තැනැත්තා ලෙසට ගිනස් වාර්තාවට හිමිකම් කියන Saturnino de la Fuente Garcia වසර 112යි දින 341ක් මෙලොව ජීවත් වීමට වරම් හිමිකරගෙන තිබුණා.

ඔහු ලොව වයස්ගතම පුද්ගලයා ලෙසට ගිනස් කමිටුව තීරණය කරනු ලැබුවේ වයස අවුරුදු 112යි දින 211ක් සපිරෙන දිනයේදීයි.

Saturnino de la Fuente Garcia ගේ 113වන උපන්දිනය යෙදී ඇත්තේ ලබන පෙබරවාරි මාසයේයි.

අඩි 4.9ක උසින් යුත් ඔහු 1909 වසරේ පෙබරවාරි 11 වනදා උපත ලබා ඇත්තේ Ponte Castro හිදීයි.

1936 වසරේදී ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට ද මුහුණ දුන් ඔහු සාර්ථක සපත්තු ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඔහුට දරුවන් හත් දෙනෙක්, මුණුබුරන් 14 දෙනෙක් සහ මී මුණුබුරන් 22 දෙනෙක් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ගිනස් වාර්තාවන්ට අනුව, මෙතෙක් වාර්තා වී ඇති වයස්ගතම පුද්ගලයා වූයේ ප්‍රංශයේ ජීන් ලුයිස් කැල්මන්ට් නම් පුද්ගලයායි.

ඔහු1875 පෙබරවාරි මාසයේදී උපත ලබා 1997 දී මිය යන විට අවුරුදු 12 යි දින 164ක් ජීවත්ව සිට තිබුණා.