27.2 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජිතගේ සුදුවෑන් නඩුව මාර්තු 15 විභාගයට

රාජිතගේ සුදුවෑන් නඩුව මාර්තු 15 විභාගයට

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව සුදු වෑන් ගැන කළ ප්‍රකාශයක් සම්බන්ධව ගොනු කළ නඩුව ලබන මාර්තු 15 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද ( 20) නියම කළේය.

2019 ජනාධිපතිවරණ අවස්ථාවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සුදුවෑන්වලින් මිනිසුන් පැහැරගෙන කිඹුලන් ගහණ වැවකට දැමු බවට වෙස් වලාගත් පුද්ගලයින් ලවා ප්‍රකාශයක් කළැයි ඔවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයට පෙනී සිටින ලෙසද නියම කරමින් විනිසුරු සිතාසිද නිකුත් කළේය. නඩුවේ ඉදිරිපත් කර තිබු පරිගණක සාක්කි සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවට විත්තියේ නීතිඥවරුන් කළ දැනුම්දීම අනුව එම විරෝධතා ඉදිරිපත් කිරීමට මෙම නඩුව ලබන මස 18 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.