23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවරාය අධිකාරියේ නව සභාපති වැඩ අරඹයි

වරාය අධිකාරියේ නව සභාපති වැඩ අරඹයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න පත් කිරීම වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් ඊයේ (19) ඊයේ සිදු කළේය.

ඒ අනුව ඒ මහතා ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අද (20) සභාපති කාර්යාලයේදී සුබ මොහොතින් සිය රාජකාරී ආරම්භ කළේය.

එහිදී පැමිණ සිටි පිරිස අමතමින් සභාපතිවරයා කියා සිටියේ පසුගිය කොවිඩ් වසංගත සමය තුළ අනුමත කරගත් කැබිනට් පත්‍රිකා 15කට අධික ප්‍රමාණයක් සදහා වන සංවර්ධන ව්‍යාපෘති අරමුණුගත හා ඉලක්කගත ක්‍රමයකට ආරම්භ කරමින් එයින් අත්වන ප්‍රතිලාභ තුළින් වරාය ක්ෂේත්‍රයේ කාර්යක්‍ෂමතාව හා ඵලදායීතාව ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් මුල් වී ක්‍රියාකරන බවය.

එසේම මෙම අවස්ථාවට සහභාගී වූ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන ලද්දේ ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත් කිරීම තුළින් තමන් බලාපොරොත්තු වන්නේ ඉදිරි තෙවසර තුළදී නව දැක්මකින් යුතුව වේගවත් සහ ශක්තිමත් ගමනක් තුළින් සියළු අභියෝග ජයගෙන ශ්‍රී ලංකාවේ වරාය පද්ධතියේ ස්වර්ණමය යුගයකට නැවත රැගෙන යෑමට බවයි.